ශ්‍රී ලංකා

ඔට්ටු සහ සුදූ බද්ද ඉහළට – ඇතුළු වීමේ ගාස්තුත් වැඩි වෙයි !

ඔට්ටු සහ සුදූ බද්ද ඉහළ දැමීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලාංකික පුරවැසියෙකුගෙන් සුදූ ස්ථානයකට ඇතුළු වීමේදී අයකළ ඇමෙරිකානු ඩොලර් 50ක මුදල ඩොලර් 100ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ඊට අමතරව එම බුකී ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන සෑම පුද්ගලයෙකුම එය ආරම්භ කළ දින සිට මසක් ඇතුළත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු වනවා.

මේ අතර වාර්ෂිකව ගෙවිය යුතු ඔට්ටු සහ සුදූ බදු මුදලද සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් පළමු වනදා සිට ආරම්භ වන බුකී ව්‍යාපාර සඳහා අය කරන වාර්ෂික බදු මුදල රුපියල් මිලියන 05 දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සජීවි රූපවාහිනි විකාශන පහසුකම් භාවිතාකරන අවස්ථාවක එම බදු මුදල් ප්‍රමාණය රුපියල් මිලියනයක් දක්වා ඉහළ දමා ඇති අතර මීට පෙර එම අගය පැවතියේ රුපියල් ලක්ෂ 06ක් ලෙසයි.

Ceylon News Factory

Share
Published by
Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago