අප්‍රේල් (20) දින සිට ගාලුමුවදොර පිටියේ (ගෝල්ෆේස් පිටිය) ආගමික උත්සව හැර වෙනත් කිසිදු සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් වලට ඉඩ නොතැබීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මින් පසු මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලුමුවදොර පිටිය වෙන් කෙරෙන බව එම තීරණයේ සඳහන්.
සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාර ගනු ලැබ ඇති අතර, මේ වන විට සිදු කරනු ලැබ ඇති සංවර්ධන කටයුතු සඳහා එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක් පමණ වැය කර තිබෙනවා.
පසුගිය අරගල කාලසීමාව තුළ සිදු වී ඇති දේපළ හානි අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6ක් වැය කොට තිබෙන බවයි සඳහන් වන්නේ.
එබැවින් මහජන ඒකරාශී වීම් හේතුවෙන් මෙම භූමිය නිතර හානි වන අතර පරිශයේ සුන්දරත්වය සහ දර්ශනීය ස්වභාවය පවත්වාගෙන යාමට අපහසු වී ඇති නිසාවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි කැබිනට් මණ්ඩල තීරණයෙහි දැක්වෙන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…