ශ්‍රී ලංකා

රාජ්‍ය නොවන සංවිධාන වල සේවය සඳහා පැමිණෙන විදේශිකයන්ට පහසුවෙන් වීසා ලබාගැනීමේ ක්‍රමයක් !

රාජ්‍ය නොවන සංවිධාන සංවිධාන වල සේවය සඳහා පැමිණෙන විදේශිකයන් සඳහා විසා ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් සහ කාර්‍යක්ශම කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛණයක් නිකුත් කර තිබේ.

එහිදී මාර්ගගත (online) ක්‍රමයට විසා ලබා දීම සහ වාස වීසා (Residence Visa) වලංගු කාලය වසරක් දක්වා දිගු කිරීමට ද කටයුතු කර තිබේ.

ඒ අනුව විසා ලබා ගැනීම සඳහා www.eta.gov.lk වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීමෙන් අයදුම් කල හැක.

රාජ්‍ය නොවන සංවිධාන සංවිධාන වල සේවය සඳහා පැමිණෙන විදේශිකයන්ගේ පහසුව සහ එමඟින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීම පිළිබඳව සලකා බලා අදාළ චක්‍රලේඛණය නිකුත් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සංජීව විමලගුණරත්න කටයුතු කර තිබේ.

මෙම චක්‍රලේඛය රාජ්‍ය නොවන සංවිධාන වෙතින් ලැබුණු ඉල්ලිම්, දුක් ගැනවිලි සහ යෝජනා සියල්ල සලකා බලා ඔවුන් සමඟ සාකච්ඡා කර නිකුත් කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago