පොලිස් කොස්තාපල්ලා දෙන්නෙක් සහරාන් හසීම්ගේ වත්තේ නිධන් හාරලා !

පාස්කු ප්‍රහාරයේ මහ මුරකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නැමැත්තාට අයත් පුත්තලම , වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් සිදුකරමින් සිටි බව කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අද (19) සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිධානය ගොඩගැනීම සඳහා පුද පූජා පවත්වමින් සිටි බව කියන කට්ටඩියා වැටලීම සිදු කළ අවස්ථාවේ පලා ගොස් තිබෙන අතර පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ පවත්වන බවට වාර්තා වෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයෙක් බදුල්ල තල්දෙන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් පොලිස් කොස්තාපල්වරයා මූනමල්දෙනිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි සඳහන් වන්නේ.

සහරාන් හෂීම්ට අයත් මෙම වත්තේ පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ සඟවා තිබියදී රහස් පොලිසිය විසින් සොයා ගැනීමෙන් අනතුරුව එම වත්තට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ආරක්ෂාව සපයා තිබුණා.

මෙසේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් කණ්ඩායමේ සිටි කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙම කැණීම් කටයුතු සිදුකරමින් සිට ඇතැයි විශේෂ කාර්ය බලකා ආරංචි මාර්ග සඳහන් කරනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

19 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago