ශ්‍රී ලංකා

ජාතික ජන බලවේග‍යේ විරෝධතාවයට එරෙහිව පොලීසිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි !

මීගමුව සේල්ලන්දූව මංසන්ධිය ආශ්‍රිතව හෙට (21) ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති පෙළපාලියකට එරෙහිව ආඥාවක් නිකුත් කරන ලෙස පොලීසිය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ ඉල්ලීම සලකා බැලූ මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත.

එමගින් පොලීසිය පවසා ඇත්තේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති අදාළ පෙළපාලිය මගින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකරන්නැයි ඉල්ලා කාදිනල් හිමිපාණන් විසින් සංවිධානය කර ඇති ව්‍යාපාරයට සමගාමීව දේශපාලන අරමුණු ඉටුකරගැනීමට මහජන කැළඹීමක් ඇතිකිරීමට උත්සාහ දරනු ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවය.

එහිදී පොලීසිය වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති රැස්වීම නිත්යානුකූලව සුදුසු මහජනතාවට රැස්විය හැකි ක්‍රීඩා පිටියක හෝ ස්ථානයක් වෙන්කරවාගෙන සිදුකිරීමටත් සාමය ආරක්ෂා කිරීමටත් ආඥාවක් නිකුත් කර ලෙසය.

ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ එවැනි ආඥාවක් නිකුත් කිරීමට ඉදිරිපත් වී ඇති කරුණු ප්‍රමාණවත් නොවන බවය.

කෙසේ වෙතත් යම් හෙයකින් මහජන දේපළවලට, මහජනතාවට හෝ පෞද්ගලික දේපළවලට හානියක් සිදුවන සිදුවන්නේ නම් වහාම ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට පොලීසියට හැකි බවද අධිකරණය සිය නියෝගයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago