ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර තිබේ.
අද (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීමේදී උන්වහන්සේගේ පත්කිරීම ඒකමතිකව සිදුකළ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2023 වර්ෂය සඳහා වන මහ සභා රැස්වීම අද පෙරවරු 10.00 ට පමණ එම පක්ෂ කාර්යාලයේදී පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණි.
අද දිනයේ පැවැත්වෙන මහ සභා රැස්වීමට එම පෙරමුණේ සභාපතිවරයා ලෙස සහභාගීවීමට පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට පක්ෂ ලේකම්වරයා විසින් ලිපියක් මඟින් දැනුම්දී තිබුණද ඔහු ඊට සහභාගීවීම ප්‍රතික්ෂේප කර තිබුණි.
ඒ අනුව අද මහ සභා රැස්වීම පැවැත් වුණේ පක්ෂ සභාපතිවරයා නොමැතිවය.
අනතුරුව එම පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම සිදු වුණි.
ඒ අනුව පක්ෂ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් කටයුතු කරනු ලබයි.
නමුත් පක්ෂ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙනුවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් ඒකමතිකව පත්කර ගැනුණි.
පක්ෂයේ සෙසු තනතුරුවල වෙනසක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…