ශ්‍රී ලංකා

අධික උණුසුම නිසා එප්පාවල දෙදෙනෙක් මියයයි !

අධික උණුසුම නිසා තාප කම්පන තත්ත්වයට පත්වීමෙන් එප්පාවල පදිංචිකරුවන් දෙදෙනකු හෘදයාබාධයට ලක්වී මියගොස් තිබේ.

ඉන් එක් අයකු අවුරුදු උත්සවයකදී කඹ ඇදීමේ තරගයකට සහභාගිවී තෙහෙට්ටුවට තම හිසට අයිස් වතුර වත්කර ගැනීමෙන් පසුවද අනෙක් පුද්ගලයා තම කුඹුරේ තණකොළ කැපීමට ගොස් දැඩි අව් රශ්මියේ සිට දිය නෑමෙන් පසුවද මියගොස් ඇති බව එප්පාවල හදිසි මරණ පරීක්‍ෂකවරයා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ එප්පාවල පහළ සියඹලෑව පදිංචිව සිටි ඒ. ආර්. ඩී. අතුල ධම්මික (34) සහ එප්පාවල කටියාව යාය 02 පදිංචිව සිටි එල්. ජී. විජේසිංහ (38) යන අය වේ.

ඒ. ආර්. ඩී. අතුල ධම්මික මහතා පසුගිය 16 වැනිදා අවුරුදු උත්සවයක කඹ ඇඳීමේ තරගයට සහභාගිවී අධික තෙහෙට්ටුව නිසා තම නිවසට ගොස් නිවසේ තිබූ ශීත කළ වතුර බෝතලයක් ගෙන තම හිසට වත්කරගෙන තිබේ. මේ නිසා සංකූල තත්ත්වයක් පැනනැඟීම නිසා ඔහු වහාම එප්පාවල රෝහලට ඇතුළත් කළත් එහිදී මියගොස් තිබේ.

කටියාව යාව 02 පදිංචි එල්. ජී. විජේසිංහ මහතා පසුගිය 18 දා තම කුඹුරට ගොස් තණකොළ කපන මැෂිම මගින් කුඹුරේ ලියැදිවල තණකොළ කපා තෙහෙට්ටු වී අසල ඇති ඇළට බැස දිය නා ගොඩට ඒමෙන් පසුව එහිදී මියගොස් ඇති බව එප්පාවල නාගරික හදිසි මරණ පරීක්‍ෂක එම්. පී. එස්. ජයවික්‍රම මහතා පවසයි.

මෙම මරණ දෙක පිළිබඳව එප්පාවල පොලිසියේ සැරයන් (62673) රෝහිත මහතා විසින් පරීක්‍ෂණ පවත්වා හදිසි මරණ පරීක්‍ෂණයේදී සාක්ෂි මෙහෙයවා තිබේ.

මෙම මරණ දෙකම සම්බන්ධව එප්පාවල රජයේ රෝහලේ වෛද්‍ය එන්. එච්. දිසානායක මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදුකොට ඇති අතර මෙම දෙදෙනාම මියගොස් ඇත්තේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්ත්වයට පත්වී හදිසි හෘදයාබාධ හේතුවෙන් බවට හදිසි මරණ පරීක්‍ෂකවරයාට යොමු කළ වාර්තාවේ දක්වා තිබේ.

පොලිස් සාක්ෂි සහ වෛද්‍ය සාක්ෂි මත මේ මරණ දෙක මේ දිනවල පවතින අධික උෂ්ණත්වයෙන් ශරීරය තාප කම්පනය වී හෘදයාබාධ වැළඳීමෙන් සිදුවූ මරණ බවට එප්පාවල හදිසි මරණ පරීක්‍ෂක එම්. පී. එස්. ජයවික්‍රම මහතා තීරණය කළේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago