යාපනයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන පිහිය සැකකරු විසින් කළ පපොච්චාරණයකින් කින් පසුව ඩෙල්ෆ්ට් හා ඌර්කාවතුරේ පොලිසිය විසින් අද ( 24 ) සොයා ගෙන තිබේ.
එම ඝාතනයන් සිදු කළ බවට සැක පිට දැනට අත් අඩංගුවට ගෙන සිටින සැකකරු මරණ සිදු කරන ලද අවස්ථාවේදී පැළඳ සිටි ඇදුම් ද ඔහුගේ පෙන්වීම මත පොලිසිය සොයාගෙන ඇත.
සැකකරු විසින් එම ඝාතනවලට පසුව පිහිය හා ඔහුගේ රෙදි නිවස අසල වූ ළිදකට දමා සිද්ධිය වූ ස්ථානයෙන් පලා ගොස් තිබේ.
සැකකරු පිහිය ළිඳට වීසි කිරීමට පෙර ඔහුට බුරා ගෙන පැමිණි සුනඛයාටද එම පිහියෙන් ඇන තුවාල සිදු කොට පසුව පිහිය ළිඳට වීසි කොට ඇත.
සැකකරු සන්තකයේ තිබී පවුම් 26 ක රන් භාණ්ඩද පොලිසිය විසින් මීට ඉහතදී සොයා ගන්නා ලද අතර පොලීසිය විශ්වාස කරන්නේ තවත් රන් භාණ්ඩ මොහු කිසියම් ස්ථානයක සඟවා ඇති බවය.
කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය දරාගත නොහැකිව වැවකට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කර…
අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව…
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සුරා බදු පනතට පටහැනි අන්දමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම…
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අග්‍රාමාත්‍ය ධුරයේ වෙනස්වීමක් පිළිබඳව කිසිම අවස්ථාවක ආණ්ඩුව තුළ සාකච්ඡාවක් සිදුකර නොමැති…
හිටපු අමාත්‍ය ඩලස්ගේ වට්ස්ඇප් ගිණුම වෙනත් අයෙකු විසින් හැක් කර ඇති බව වාර්තා වේ. අනතුරුව…