ශ්‍රී ලංකා

හිටපු නීතීපතිව දප්පුල ද ලිවේරා TID කැඳවීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් නියෝගයක් !

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අද (24) දින දහවල් හිටපු නීතිපතිවරයා තමාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීම සම්බන්ධයෙන් පෙත්සමක් අභියාචනාධිකරණය වෙත ගොනු කළා.

එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය විසින් හිටපු නීතිපතිව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා TID වෙත කැඳවීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

හිටපු නීතිපතිවරයා විශ්‍රාම යන දිනයේදී මීට සිව් වසරකට ඉහත දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එම සිදුවීම පසුපස කුමන්ත්‍රණයක් ඇති බවට ප්‍රකාශ කිරීමත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය මතු වුණා.

ඒ හේතුවෙන් අවස්ථා දෙකකදී හිටපු නීතිපතිවරයාට ප්‍රකාශයක් ලබාදීම සඳහා TID වෙත කැඳවීම් තිබුණද ඔහුගේ පැමිණීම සිදු වූයේ නැහැ.

ඒ හේතුවෙන් පසුගිය දා කැඳවන අවසන් දිනය ලෙස දප්පුල ද ලිවේරාට හිමි වූ දිනය වූයේ අද (24) දිනයයි.

නමුත් අද දිනයේදී ද හිටපු නීතිපතිවරයාගේ පැමිණීම සිදුනොවුණහොත් පොලීසිය නිවේදනය කළේ, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි. එවන් අවස්ථාවකදීයී හිටපු නීතිපති විසින් මෙම පෙත්සම අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago