ශ්‍රී ලංකා

ඉන්ධන කෝටාව ගැන ගත්ත අලුත්ම තීරණය මෙන්න !

උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙන තුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ ඊයේ(24) විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති ඛනික තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී යි.

මෙම ඉන්ධන කෝටාව ඉහල නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන සැලසුමේ වෙනසක් නොවන බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

පසුගිය සති තුනේ දෛනික ඉන්ධන භාවිතය සහ ඉන්ධන නිකුතුව පිලිබඳ දත්ත නිරීක්ෂණය කිරීමේ දී ඉන්ධන කෝටාව වැඩි කිරීමට පෙර පැවති දෛනික ඉන්ධන නිකුතුව හා සමාන බවද නිරීක්ෂණය වී තිබුනා.

එමෙන්ම ඉන්ධන කෝටාව ඉහල නැංවීමෙන් පසු QR කේතය අවභාවිතා කිරීම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.

ඉන්ධන හල් මඟින් ඉන්ධන කෝටාව වැඩි කිරීමට පෙර පෙට්‍රල් නිකුත් කිරීමේදී 24% ක් QR ක්‍රමයට පරිබාහිරව නිකුත් කර තිබුනා.

කෙසේ වෙතත් ඉන්ධන කෝටාව වැඩි කල පසු එය 14% දක්වා පහළ ගොස් ඇති බවයි වාර්ථා වෙන්නේ.

එමෙන්ම ඉන්ධන හල් මඟින් ඩීසල් නිකුත් කිරීමේ දී 28% ක් වූ QR ක්‍රමවේදයට පරිබාහිරව නිකුත් කිරීම, ඉන්ධන කෝටාව වැඩිකල පසු 15% දක්වා පහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශය පවසනවා.

Ceylon News Factory

Share
Published by
Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago