දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ, වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය බස්නාහිර පළාතෙන් වාර්ථා වන බවය.
“මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යමින් පවතිනවා. රට පුරා වර්ෂාපතනය වැඩිවීම, උෂ්ණත්වය ඉහළ යෑම මේ තත්ත්වය තවත් වර්ධනය වීමට හේතුවෙනවා. බස්නාහිර පළාතේ විශේෂයෙන්ම රෝගීන් වැඩිවීමක් දක්නට ලැබෙනවා පසුගිය වසරට වඩා. 2017 දී තමා මෑත කාලයේ වැඩිම රෝගීන් වාර්තාවුණ වර්ෂය විදියට සටහන් වෙන්නේ. ඒ අනුව 2017 වසරෙන් පසුව 2023 වර්ෂය විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බවට සංඛ්‍යා ලේඛන දත්ත අනුව අපිට කියන්න පුළුවන්. ඒ අනුව ඉදිරියේ දී මේ තත්ත්වය තවත් වර්ධනය විය හැකියි. දැනට තියෙන අවධානම තත්ත්වය මත මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ඉඩකඩ තියෙනවා.”
මේ අතර අද (26) සිට මැයි මස 02දා දක්වා පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
බස්නාහිර පළාතේ වැඩි ඩෙංගු අවදානමක් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල ඩෙංගු මඳුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීම, ජනතාව දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…