විනෝදාත්මක

භාව සංගීත ඇල්බමය හෙට එළි දැක්වේ !

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ 2017/2018 ප්‍රාසාංගික කලා විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නිශ්පාදනය එළිදැක්වීමේ උළෙල 2023.04.28 වන දින පෙරවරු 9.00 සිට ශ්‍රී පාලි මණ්ඩපයේ අරුන්දතී ශාලාවේදී පැවැත්වේ. එදින සංගීත අංශයේ විද්‍යාර්ථීන් කණ්ඩායම විසින් සිදු කිරීමට නියමිත අවසාන සංගීත නිශ්පාදනය වන භාව සංගීත ඇල්බමය ද එළිදැක්වීමට නියමිත ය.

හැඟීම් හතරකට විශේෂිත ව නිර්මාණය වන සංගීත සංයෝජන සතරකින් සමන්විත භාව සංගීත ඇල්බමය නිර්මාණය වූයේ පර්යේෂණ සිදු කරමින් ගොඩනගා ගත් දැනුමත්, කණ්ඩායම් සාමාජිකයන්ගේ නිර්මාණශීලීත්වයත් එකට මුහු කරමින් ය. ඒ අනුව තේමා සතරකට නිර්මාණය වූ මෙකී ගුණාත්මක සංගීත ඇල්බමය Aura නමින් සුවපත් කිරීමේ සංගීතයක්, Never say good bye නමින් ආදර ගීතයක්, Valley of tears නමින් ශෝකී සංගීතයක් මෙන්ම Vodka Zone නමින් Entertaining Music නොහොත් විනෝදාස්වාදය ලබා දෙන සංගීත සංයෝජනයක් අන්තර්ගත වන අතර සෑම සංයෝජනයක් ම අවම සංගීත ප්‍රභේද ද්විත්වයක් හෝ ආශ්‍රය කරමින් නිර්මාණය වී ඇත. භාව සංගීත ඇල්බමය රසවින්දනය කිරීමට කිසිදු සීමාවක් නැති අතර ශ්‍රාවකයෙක ලෙස තමාගේ හැඟීම් තුළ රිසිසේ කිමිද එහි උපරිම තලයකට යා හැකි බව නොඅනුමානය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago