මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනාගේ මරණ ගැන අධිකරණය දුන් තීන්දුව මෙන්න !

කොවිඩ් පරීක්ෂණ සිදුකරන ලෙස හා කොවිඩ් ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් කළ විරෝධතාවකදී ‘වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදුකිරීම අපරාධයක් බව’ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ ප්‍රකාශ කළේය.

එම සිදුවීමට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඔහු එසේ පැවසීය.

ඒ අනුව ඊට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

2020 නොවැම්බර් 29 වනදා මහර බන්ධනාගාරයේ රැඳවියන් උද්ඝෝෂණයක නිරත වූයේ එහි රැඳවියන්ට කොවිඩ් වැළඳී ඇත්දැයි බැලීමට පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙස සහ කොවිඩ් වැළඳුණු රැඳවියන් නිසි ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුකරන ලෙස ඉල්ලමිනි.

කෙසේ වෙතත් එම උද්ඝෝෂණය අතරතුර ඇති වූ නොසන්සුන්තාවයේදී සිදුකළ වෙඩිතැබීමකින් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් තුවාල ලැබුහ.

ඒ පිළිබඳව කළ විමර්ශනයේදී බන්ධනාගාර නිලධාරීන් සඳහන් කර තිබුණේ රැඳවියන් බන්ධනාගාරයේ බෙහෙත් ගබඩාව කඩා එහි ඇති ඇතැම් ඖෂධ භාවිත කර මත් වීමෙන් කළහකාරී ලෙස හැසිරී ඇති බවය.

මේ අනුව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් මගින් විමර්ශනයක්ද සිදුකළේය.

කෙසේ වෙතත් මෙහි මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා සඳහන් කළේ රැඳවියන් පාලනය සඳහා දණහිසෙන් පහළට වෙඩිතැබීමට අණකළ බව බන්ධනාගාර නිලධාරීන් පැවසුවත් අදාළ විශේෂඥ වෛද්‍ය මණ්ඩල වාර්තාවට අනුව කිසිදු අයෙකුගේ දණහිසෙන් පහළට වෙඩිතැබූ බවක් දක්නට නොලැබෙන බවය.

එමෙන්ම මෙම වෙඩිතැබීම පිරිස විසුරුවා හැරීම සඳහා කළ එකක්ද යන්න සැක උපදවන බවත් මහෙස්‍ත්‍රාත්වරයා සඳහන් කළේය.

එසේම එම වාර්තාවට අනුව මිය ගිය කිසිදු රැඳවියකු මත්වන ඖෂධ භාවිත කර ඇති බවට සාක්ෂි නොමැති බවත් මේ අනුව මෙම මරණ එකොළහ අපරාධයක් බවත් මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා පැවසීය.

ඒ අනුව එම වෙඩිතැබීම සිදුකළ සහ ඊට අණ දුන් බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

Ceylon News Factory

View Comments

  • එල එල නිිතිය හරියටම කිුයාත්මක වෙන්න ඔිින

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago