විශේෂාංග

ලෝකයේ උසම කන්ද තරණය කරන්නට සැරසෙන දෙපා අහිමි හරී බුධා !

හරී බුධා මාගර් ගේ දෙපා දණහිසට පහළින් නැත. බ්‍රිතාන්‍යයේ කීර්තිමත් නේපාල රෙජිමේන්තුව වූ ගුර්කා බලකායේ සෙබලෙක් ලෙස වර්ෂ 2010 දී ඇෆ්ගනිස්ථානයේ රාජකාරි කරමින් සිටිය දී බෝම්බයකට හසුවීමෙන් ඔහුගේ දෙපා අහිමි විය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 30කි.
දෙපා අහිමි වී වසර 13කින් පසු මේ හරී බුධා අමුතුම වැඩක් කරන්නට යන්නේය. ඒ මීටර 8848ක් උස ලෝකයේ උසම කන්ද වූ එවරස්ට් තරණය කිරීමය.

අත් පා හතර ඇත්තෙක් පවා තිගස්වන මේ අභියෝගයට මුහුණ දී එය ජය ගැනීමට ඔහු මැයි මාසයේ දි සැලසුම් කර ඇත්තේය. ආබාධිත බව යනු වචනයක් පමණක් බව ලෝකයට කියන්නට මේ 43 හැවිරිදි අසිරිමත් මනුෂ්‍යයා සූදානම් වෙමින් ඇත. ඒ දණහිසට පහළින් දෙපා අහිමිව එවරස්ට් තරණය කළ ලොව පළමු පුද්ගලයා බවට පත්වීමේ අභියෝගය ඉදිරිපත් කරමිනි.

බීබීසිය අමතා ඔහු සිය උත්සාහය සම්බන්ධව මෙසේ කියා තිබිණි.

“කකුල් දෙකම නැතිවුනාම මම හිතුවා මගේ ජීවිතය ඉවරයි කියලා. මං හිතුවා ජීවිතයේ ඉතිරි කාලයම රෝද පුටුවක තමයි ඉන්න වෙන්නේ කියලා.”

“ ඒත් මම වෙනස් විදිහකට හිත්න ගත්තා. කකුල් දෙකම නැති වුනාට පසසේ මගෙ ඉලක්කය වුනේ මට ශාරීරිකව කරන්න පුලුවන් දේ හොයන එක. මගේ මනස විවෘත කළා. මට හැකි හැම දේම උත්සාහ කළා.”

“මට ලෝකයට ධනාත්මක බලපෑමක් කරන්න ඕන වුනා. ආබාධිතබව ගැන දැනුම්වත් කරන්න ඕන වුනා. මම තෝරගත්තා එවරස්ට් නගින අභියෝගය.” හරී බුධා කීවේය.

ඔහු සිය දැක්ම ලෝකයට කියන්නේ මෙසේය.

“ ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුලුවන්. ඒවා කරන්න වෙනස් විදි තියනවා. සීමාවක් නෑ… සීමාව අහස තමයි…”

වසර ගණනක පුහුණුවෙන් පසු මැයි මස දී එවරස්ට් නගින හරී බුධා තෝරාගෙන ඇත්තේ දැවන්ත අභියෝගයකි. දෙපා අහිමි හරී මීටර 8848ක් උස එවරස්ට් නැගීම ශාරීරික දුබලතා නැති අයෙකුට වඩා තුන් ගුණයක් මන්දගාමීයි.

එහෙත් මේ ශක්තිමත් මිනිසාගේ හිත එවරස්ට් වගේම උසය. ඔහු එය ජය ගනු ඇති බව ලෝකයම විශ්වාස කරමින් සිටින අයුරු පෙනේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago