කොවිඩ් – 19 වෛරස යළි උත්සන්නවීමෙන් දින දෙකක් තුළ පුද්ගලයන් දෙදෙනෙක් මිය ගිය බව කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක පවසයි.
මෙලෙස මියගොස් තිබුණේ මාතර හමන්දුව පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක හා යටියන්තොට පනාවත්ත පදිංචි වී සිටී 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මියගිය කාන්තාව ඉකුත් 27 වෙනි අයි.ඩි.එච් රෝහලට ඇතුළත් කර ඇති අතර පසුදින (28) මියගොස් තිබූ අතර පිරිමි පුද්ගලයා 28 වෙනි දින රෝහල් ගතව තිබී 29 වැනි දින මිය ගොස් තිබූ බව හදිසි මරණ පරීක්ෂකවරිය පැවසුවාය.
කොව්ඩ් වසංගතය සමාජය පුරා යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පැන නැගී ඇති බවත් විශේෂයෙන් මුඛ ආවරණ පැළඳ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වඩා යෝග්‍ය බව හදිසි මරණ පරීක්ෂකවරිය වැඩිදුරටත් පැවසුවාය.
අයි.ඩි.එච් රෝහලේ මේ වන විට කොවිඩ් රෝගය වැළඳුණු රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන බවත් කාර්ය මණ්ඩලයටද කොවිඩ් රෝගය වැළදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…