ශ්‍රී ලංකා

ප්‍රංශයේ නීති නිසා කුඩු අංජු ලංකාවට ගෙන ඒමට හැකිවෙයිද ?

ප්‍රංශයේ දී අත්අඩංගුවට පත්ව සිටින මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් කුඩු අංජු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සදහන් කළේ අදාළ සැකකරු සම්බන්ධයෙන් මේ වන විටත් නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ මනුෂ්‍ය ඝාතන රැසක සැකකරුවෙකු ලෙස සැලකෙන කුඩු අංජු පසුගිය බදාදා දිනයේ ප්‍රංශයේ දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

“රතු නිවේදන අනුව තමා ප්‍රංශ පොලීසිය විසින් මොහුව අත්අඩංගුවට ගන්නේ. ඒ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ජාත්‍යන්තර පොලීසිය මගින් ලංකාවේ පොලීසියට දැනුම්දීමක් කරලා තිබුණා මේ අත්අඩංගුවට ගැනීම ගැන. ප්‍රංශ රජය හා ශ්‍රී ලංකා රජය අතර පවතින ගිවිසුම සම්බන්ධව විශේෂයෙන් අපරාධකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී යම් යම් නීතිරීති තියෙනවා. එවැනි නීති සම්බන්ධයෙන් අවදානය යොමුකළ යුතුයි. ඒ වගේම කලාපීය සංවිධාන සමග ඇති කරගත් ගිවිසුම් සම්බන්ධයෙන් අවදානය යොමුකළ යුතුයි. එලෙස ප්‍රංශය අතර ගිවිසුම් තිබේද? නැද්ද? එසේ නම් කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව හා අදාළ අමාත්‍යාංශය සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතුයි.”

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago