ආහාර රස ගැන්වීම සඳහා භාවිතා කරන කෘත්‍රිම රස කාරක තොගයක් මරදාන ටෙක්නිකල් හන්දියේ ආහාර ගබඩාවක් වැටලීමකදී සොයාගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
වැටලීම් බාර ජේෂ්ඨ විමර්ශන නිලධාරී බි. එස්. යු. පි. පෙරේරා මහතා පවසාසිටියේ එම ස්ථානයේ කල් ඉකුත් වූ ආහාර හා කල් ඉකුත් නොවූ ආහාර කලවමේ බෙදා හැර ඇති බවයි.
කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ගබඩා කර ඇති බවට සිදු කළ පැමිණිල්ලක් අනුව වැටලීම සිදුකර ඇති බවට වාර්තා වෙනවා.
ආහාර රස ගැන්වීම සඳහා යොදා ගන්නා කෘතිම රස කාරක 2020 හා 2021 වසර වලදි කල් ඉකුත් වූ ඒවා බවට හඳුනාගෙන තිබුණා.
විවිධ වෙළඳ ස්ථානවල අලෙවි වීමකින් තොරව කල් ඉකුත් වූ ආහාර රසගැන්වීම සඳහා භාවිතා කරන කෘතිම ආහාර රස ගන්වන ඒවා බවට පරීක්ෂණවලදී තහවුරු වු බවත් ඉදිරි සතියේදී මේ සම්බන්ධව නඩු පැවරීමට කටයුතු කරන බවත් වැටලීම සිදුකළ ජේෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…