කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවන් 04ක් ඇතුළු 09 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වෙළෙබඩ පොලිසිය පවසයි.
පොලීසිය පැවසුවේ කොළඹ වරාය හරහා ඉදිවන අධිවේගී මාර්ගයේ භාණ්ඩ ගබඩාවකින් යකඩ සොරකම් කිරීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට යෑමේ දී අසල පදිංචිකරුවන් එම සිද්ධියට මැදිහත් වීමෙන් උණුසුම් තත්තවයක් ඇති වී තිබුණු බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේ දී වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි හෙළි වී තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසකි. ඒ අතර කාන්තාවන් සිවු දෙනෙක්ද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
බහින්බස් වීම අතර පෞද්ගලික ආරක්ෂක අංශය සතුව තිබූ ගිනි අවියක් උදුරාගැනීමට යාමත් සමඟ මෙම පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වෙඩි තැබිම සිදුකර ඇත.වෙඩි වැදුණු එක් පුද්ගලයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව විමර්ශන අංශ කියයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…