ශ්‍රී ලංකා

ඕනෑම මොහොතක නැවත නැගිටීමේ සංවිධානාත්මක ශක්තියක් තම පක්ෂයට ඇති බව මහින්ද මැයි දින රැලිය අමතමින් කියයි !

ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්නට වගේම ජනතාව වෙනුවෙන් බලය අත්හැරීමටත් හැකි දේශපාලන අත්දැකීමක් තම පක්ෂයට ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද කොළඹ කැම්බල් පිටියේ පැවති එම පක්ෂයේ මැයි දින රැලිය අමතමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඕනෑම මොහොතක නැවත නැගිටීමේ සංවිධානාත්මක ශක්තියක් තම පක්ෂයට ඇති බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරු 3ට කොළඹ කැම්බල් පිටියේදි ආරම්භ වුණි.

මෙවර එහි තේමාව වූයේ අභියෝග බිඳ අභිලාෂ ජයගමු යන්නය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් පසු රැලිය ආරම්භ වූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ඊට එක්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,

“අපිට පටන් ගන්න වුණේ කොවිඩ් එක්ක ආර්ථික බිඳවැටීමෙන්, සමහර වැරදි තීන්දු ඊට හේතු වුණා වැරදුණු තැන දැන් අපිට තේරෙනවා ඒ අත්දැකීම් තවත් ශක්තියක් සමහර වෘත්තීය ක්‍රියාමාර්ග නිසා සහෝදර වෘත්තීය සමිති නායකයින්ටත් ප්‍රශ්න ආවා ඒ කිසිදු වෘත්තීය සමිති සාමාජිකයෙක් තනි කරන්නේ නැහැ ඔබට ශක්තියක් වෙන්න අපට හැකියාව තියෙනවා උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගැටලුව තවම අවසන් නැහැ දරුවෝ විශ්වවිද්‍යාලයට ඇතුළුවෙන්න බලන් ඉන්නවා සාමාන්‍ය පෙළ දරුවොත් පීඩනයෙන් ඉන්නේ මව්පියන් පීඩනයෙන් ඉන්නේ එය වෘත්තීය සමිති සටනක් ලෙස අපි දකින්නේ නැහැ හැබැයි හැම ගුරුවරයෙක්ම සම්බන්ධ නැහැ දරුවන් ප්‍රාණ ඇපයට අරන් දිනාගත්ත සටනක් නැහැ එහෙම දිනාගෙන වැඩකුත් නැහැ සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසිවලට නෙවෙයි බලය ලබාගන්නට වගේම අතහරින්නත් පුළුවන් ඕනෑම මොහොතක නැගිටින්නත් පුළුවන්. වැඩකරන ජනතාවට ජයවේවා…!”

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago