ශ්‍රී ලංකා

මීළඟ ජනාධිපති අපේක්ෂකයා ගැන මැයි දිනයේදී අකිලගෙන් ඉඟියක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි වතාවටත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති බව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (01) පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය අමතමිනි.

එම පක්ෂයේ ඉදිරිපෙළ නායකයින්ගේ සහභාගිත්වයෙන් අද (01) පෙරවරු 10.00 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී මැයි දින රැලිය ආරම්භ විය.

මෙවර එම මැයි දින රැලියේ තේමාව වූයේ ” 2048 ජයගමු ” යන්නය.

එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි දින රැලිය ඇමතුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ මෙම වසර තුළ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සියලු පාර්ශ්වවල එකඟතාව ලබාගැනීමට බලාපොරොත්තු වන බවය.

එම පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් රැසක් රැලිය අමතමින් සිය අදහස් ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා,

“අද පංච මහා ශෝකයක් ඇති වෙලා තියෙනවා විපක්ෂයට. පෝලිම් නැතිවීමේ ශෝකය, විදුලිය නොකැපීමේ ශෝකය, පෙට්‍රල් සහ ගෑස් මිල අඩුවීමේ ශෝකය , පෝලිම් නැතිවීමේ ශෝකය IMF ලැබීමේ ශෝකය. විපක්ෂය මේ තුළ පසුගිය කාලයේ දේශපාලනය කළේ. රනිල් වික්‍රමසිංහ මහතාට පුළුවන් වුණා තනි පුද්ගලයෙක් ලෙස ප්‍රධාන හතුරු පොදුජන පෙරමුණ දිනාගෙන ප්‍රශ්නවලට විසදුම් ගේන්න පුළුවන් වුණා.”

“ජේ.ආර් ජයවර්ධන මැතිතුමා ජනාධිපති වුණේ අවුරුදු 70 න් පස්සේ දෙවරක් දිනුවා. මම අනාවැකියක් කියන්නම් රනිල් මහත්තයත් 70 පැන්නට පස්සේ ජනාධිපති වුණා. දෙවැනි වතාවටත් ජයග්‍රහණය කරලා තමයි අවසන් කරන්නේ.”

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago