මෙසීට තරග තහනමක් !

සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී වෙත සති දෙකක තරග තහනමක් සහ වැටුප් කප්පාදුවක් ලබා දීමට පැරිස් සේන්ට් ජර්මෙයින් (PSG) පාපන්දු සමාජයේ බලධාරින් තීරණය කර තිබෙනවා. ඒ පාපන්දු සමාජයේ බලධාරින් දැනුම්වත් නොකර සෞදි අරාබියේ දින දෙකක සංචාරයක නිරතවීම නිමිති කොට ගෙනයි.

ඒ අනුව ප්‍රංශයේ ප්‍රධානම පාපන්දු තරගාවලිය වන ලීග් 1 හි ලකුණු සටහනේ මුල් තැන රැඳෙන PSG කණ්ඩායමට තරග දෙකකදි මෙසීගේ සේවය අහිමිවීමට නියමිතයි.

සෞදි අරාබි රජයේ සංචාරක ප්‍රවර්ධන තානාපතිවරයකු ලෙසද සේවය කරන මෙසී 2021 වසරේදී ප්‍රංශයේ ප්‍රධානම පාපන්දු සමාජය වන PSG පාපන්දු කණ්ඩායම සමග වසර 2කට ගිවිසුම්ගත වන අතර මෙසීගේ ⁣තරග කොන්ත්‍රාත්තුව අලුත් නොකිරීමට PSG බලධාරින් තීරණය කර ඇති බවටද වාර්තා වනවා.

මෙසීගේ සේවය නැවතත් ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායම වෙත ලබාගැනීමට බාසිලෝනා බලධාරින් උත්සාහ කරමින් සිටින අතර සෞදි ආරාබියේ අල් හිලාල් පාපන්දු සමාජය ද ස්ටර්ලිං පවුම් මිලියන 400කට මෙසීගේ සේවය වසරක් සඳහා තම කණ්ඩායම වෙත ලබාගැනීමට සූදානමින් සිටින බවත් පැවසෙනවා

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago