ශ්‍රී ලංකා

ගෝල්ෆේස් සිල් ගන්න කොළඹ එන්නැයි පාසල් ළමුන්ට නියෝගයක් !

මැයි 05 වෙනිදා ගාලුමුවදොර පිටියේ සීල සමාදාන ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එදින පෙ.ව. 6.30 සිට ප.ව. 3.00 දක්වා පැවැත්වෙන බවයි කියන්නේ. එය නම්කර ඇත්තේ ‘සාදු නාද ශීල සමාධි වැඩසටහන – 2023’ ලෙසයි.
ඒ සම්බන්ධයෙන් කොළඹ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, පී.ආර්. දේශබන්දු විසින් කොළඹ කලාපයේ විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඒ ලිපියට අනුව කලාපයේ පාසල් වෙතින් මෙම ශීල ව්‍යාපාරයට පාසල් ළමුන් 2453ක් සහභාගී කරවන ලෙසයි දැනුම් දී ඇත්තේ. ඒ ළමුන් සමඟ සහභාගී විය යුතු ගුරුවරු ගණන 104ක් බවයි කියා ඇත්තේ.
පාසල් 17ක විදුහල්පතිවරුන් වෙත යවා තිබෙන මෙම ලිපියට අනුව මෙම සීල ව්‍යාපාරයට වැඩීම සිසුන් පිරිසක් සහභාගී කළ යුතු පාසල වන්නේ තර්ස්ටන් විදුහලයි. එහි විදුහල්පතිවරයා විසින් සිසුන් 307ක් සහභාගී කළ යුතු වන අතර ඒ සමඟ ගුරුවරු 19 දෙනෙකු සහභාගී විය යුතු බවයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, පී.ආර්. දේශබන්දු සිය ලිපියෙන් දන්වා ඇත්තේ. පාසල් 17 අතරින් අඩුම සිසුන් පිරිසක් කැඳවා ඇත්තේ ගෝතමී බාලිකා විද්‍යාලයෙන්. ඒ ශිෂ්‍යාවන් 89 දෙනෙක්. ඒ සමඟ ගුරුවරු 3 දෙනෙක් ගාලුමුවදොරට පැමිණිය යුතු වෙනවා.
මෙලෙස සිසුන් කැඳවා ඇති පාසල් 17 අතරින් පාසල් 10ක් ඇති අතර පාසල් 7ක් බාලිකා පාසල්.
මෙම සිසුන් රැගෙන ඒම සහ නැවත ආරක්ෂිතව ආපසු රැගෙන යාම පිළිබඳව කිසිවක් සඳහන් කර නැති අතර ඒ පිළිබඳව දැරිය යුතු වියදම් පිළිබඳවත් කිසිවෙක් වගකීම දරන බවක් දක්නට නැති බවයි කියන්නේ.
පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණය කර සිටියේ ආගමික කටයුත්තකට හැර වෙනත් කිසිවකට ගාලුමුවදොර පිටිය ලබා නොදෙන බවට යි. එම තීරණයෙන් පසුව මැයි දිනයට පවා ලබානොදුන් ගාලුමුවදොර පිටිය පළමු වලට ලබා දෙන්නේ මෙම සීල ව්‍යාපාරයටයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago