කොවිඩි ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේ​ෂ නිවේදනයක් !

කොවිඩ් 19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොවිඩ් 19 ආසාධිතයින් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බවය.

කොවිඩ් 19 ආසාධිතයින් රෝහල් ගත වීම සහ දැඩිසත්කාර ඒකකවලට ඇතුළුවීම කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවද එම සංවිධානය පෙන්වා දී ඇත.

එමෙන්ම ගත වූ මාස කිහිපය තුළ ලෝක ජනගහනය තුළ කොඩිඩ් වෛරසයට මුහුණ දීම සඳහා සැලකිය යුතු ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වී ඇති බවට ද නිරීක්ෂණය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

ගත වූ වසර 03 තුළ කොවිඩ් ආසාධිතයින් සීඝ්‍ර ලෙස ඉහළයාම හේතුවෙන් කොවිඩ් වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක මණ්ඩලය රැස් වී කොවිඩි 19හි වර්තමාන ව්‍යාප්තිය පිළිබඳ සිදුකළ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව එය තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව නිවේදනය කර තිබේ.

මේ අතර වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිති ගිනිගේ මහතා පැවසුවේ මෙරටින් දෛනිකව කොවිඩ් ආසාධිතයින් 06 දෙනෙකු පමණ වාර්තා වුවද එය අවදානම් තත්ත්වයක් නොවන බවය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago