ඇල්පිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය යාමේ සිද්ධිය ඝාතනයක් බවට පිටිගල පොලීසිය විසින් අනාවරණ කරගෙන තිබේ.
පොලීසිය පවසන්නේ රක්ෂණ වන්දිය ලබාගැනීමේ අරමුණින් සැමියා විසින්ම සිය බිරිඳ වන මෙම කාන්තාව ඝාතනය කරන්නට ඇතැයි සැක කරන බවය.
පිටිගල මානමිපිට, තල්ගස්වල නියාගම ප්‍රාදේශිය සභාව අසල මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවක් පසුගිය 30වනදා සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.
ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එය ඝාතනයක් බවය.
අනතුරුව සැකපිට අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී අනාවරණ වී ඇත්තේ ඇයගේ රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා මෙම ඝාතනය කර ඇති බවය.
මියගිය කාන්තාව 40 හැවිරිදි වියෙහි පසුවන අතර ඇයගේ සැමියා 25 හැවිරිදි වියෙහි වේ
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…