හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේදී ඉන්ධන බවුසර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබේ.
කොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් ලීටර් 33,000ක් ප්‍රවාහනය කරමින් තිබූ එම බවුසර් රථය අද (06) අලුයම 1.45ට පමණ අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.
නිවසකටද හානි සිදුවී ඇති අතර අනතුරින් එහිදී බවුසර් රථයේ රියදුරු සහ රිය සහයක සුළු තුවාල ලබා ඇති බව සඳහන් වේ.
අනතුරත් සමඟ බවුසරයෙන් නිකුත් වූ ඉන්ධන රැගෙන යාමට ප්‍රදේශවාසීන් එක් රැස්ව සිටි බවද වර්තා වේ. බවුසර් රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…