ශ්‍රී ලංකා

ඇමති ධුර පිළිබඳව පොහොට්ටුවේ අවසන් තීරණය මෙන්න !

ඇමති ධුර දිගින් දිගටම ඉල්ලා ජනාධිපතිවරයා පසු නොයා සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි තීරණයක් ගෙන තිබෙනවා.

සති අන්ත ජාතික පුවත්පතකට අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා ඇමති ධුර ලබාදුන්නත් නැතත් පොහොට්ටු පක්ෂයේ කටයුතු ශක්ති සම්පන්නව ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බවයි.

කැබිනට් අමාත්‍ය ධුර 10ක් ලබාදෙන මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී ලිඛිතව ඉල්ලීම් කර තිබුණත් ඔහු විවිධ හේතු දක්වමින් ඇමති ධුර ලබාදීම ප්‍රමාද කිරිමින් සිටින බව පෙනෙන්නට ඇති බව ඔහු පෙන්වා දෙනවා.

“ඇමැතිධුර දෙනවනම් දෙන්න. නොදුන්නත් ගැටලුවක් නැහැ. අපි අපේ වැඩ ටික කරගෙන යනවා.කොහොම නමුත් පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ මහත්තයට සහාය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු පාලන කාලයේ ඉතිරිය කරගෙන යන්න විතරයි” ලෙසයි ඔහු එම පුවත්පතට සඳහන් කර ඇත්තේ.

ජනාධිපතිවරයා පළමුව අයවැයට පෙර ඇමති ලබාදෙන බව පොදුජන පෙරමුණට ලබාදෙන බව ප්‍රකාශ කළ බවත් නිදහස් දින උත්සවයට පෙර ඇමති ධුර ලබාදෙන බව දෙවනුව ප්‍රකාශ කළ බවත් ඔහු පවසනවා.

නමුත් එම අවස්ථා දෙකේ දී අමාත්‍ය ධුර ලබාදීම සිදු නොවූ බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශයා කියා සිටින්නේ.

තවත් අවස්ථාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබුණු පසු ඇමැතිධූර ලබා දෙන බව ප්‍රකාශ කර තිබුණ බවද ඔහු වැඩිදුරටත් එම පුවත්පතට පෙන්වා දී තිබෙනවා.

Ceylon News Factory

View Comments

  • බය නැතිව හිටපල්ලා ,බලය රැකගන්න අනිතිම මොහොතෙ හරි ඇමති කටුටිකක් දෙයි,ඒවා සූප්පු කරගනිල්ලා,රටට හෙන ගැහුවත් මොකද

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago