ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන තිබෙන වාහන ඇතුළු භාණ්ඩ සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලු අධ්‍යයනය කර සති තුනක් ඇතුළත ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉල්ලා අද (07) ට මාස දෙකක් ගතවී ඇතත් අදාළ අමාත්‍ය කමිටුවට එම වාර්තාව සකස් කිරීමට නොහැකි වී තිබෙනවා.
අදාළ වාර්තාව මෙතෙක් අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ඉදිරිපත් කර නැතැයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතින් කළ විමසීමකදී එහි ජේයෂ්ඨ සහකාර ලේකම් ඩබ්ලිව්. කේ. වීරවර්ධන මහතා පුවත්පතකට පැවසුවා.
“ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවතින ගැටලු අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත්කිරීම” මැයෙන් 2023.02.24 දාතමයෙන් යුතුව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සටහනෙන් රේගුවේ රඳවා ඇති භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා එම කරුණු අධ්‍යයනය කර අවශ්‍ය වන්නේ නම් රේගු ආඥාපනතට සිදු කළ යුතු සංශෝධන හදුනාගෙන ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය කමිටුවක් පත්කරන්නට තීරණය කර තිබෙනවා.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම අමාත්‍ය කමිටුවෙහි වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා හා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය මහතා හා ශෙහාන් සේමසිංහ මහතා සාමාජිකයෝ වෙනවා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රකාශකයෙක් පැවැසුවේ මෙම ගැටලුව පදනම් කරගෙන හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද විමර්ශන කමිටුවක් පත්කර ඇති බවයි.
ඒ අනුව අදාළ වාර්තාවද පරිශීලනය කර මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…