ශ්‍රී ලංකා

පොලිසියෙන් මහජනතාවට විශේෂ පණිවිඩයක් !

අනාරක්ෂිතව ලෙස ගංඟා සහ ජලාශ ආශ්‍රිතව දිය නෑමට යාමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉල්ලා සිටින්නේ විශේෂයෙන් කුඩා දරුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

මේ අතර බෙලිහුල් ඔයේ නෑමට ගිය කුඩා දරුවන් දෙදෙනෙක් ඊයේ (06) අනතුරට ලක්වුණා.

ඥාති සහෝදරයන් වන එම දරුවන් අතරින් 13 හැවිරිදි දැරිය මියගිය ගොස් ඇති අතර 12 හැවිරිදි පිරිමි ළමයා මුදා ගැනීමට ඇය උත්සහා දරා තිබෙනවා.

මෙහිදී දෙදෙනාම දියේ ගසා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් දැරිය රෝහල් ගතකර ඇති අතර එහිදී ඇය ජිවිතක්ෂයට පත් වුණා.

මේ දක්වා අතුරුදන්වූ පිරිමි දරුවා පිළිබඳ තොරතුරක් වාර්තාවී නොමැති අතර, ඔහු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago