යාපනය වැල්වෙට්ටිතුරෙයි මුත්තුමාරී අම්මාන් කෝවිලේ පූජාවක් අතරතුර දී ගුවන් ගත කරන ලද බැලූනයක් ගිනි ගෙන දැවී නිවසක් මතට කඩා වැටීම නිසා එම නිවස ඊයේ (06) ගිනි ගෙන විනාශ වී තිබෙනවා.
එම බැලූනය ගුවනට යවා විනාඩි තිහකට පමණ පසුව ගිනි ගෙන වැටී ඇත්තේ යාපනයේ පේදුරුතුඩුව තුඹලෙයි ප්‍රදේශයේ පිහිටි නිවසක වහලයක් මතටයි.
එම බැලූනය කඩාගෙන වැටීමෙන් නිවසේ වහලය මෙන්ම නිවසටද ගිනි ඇවිලී විනාශ වී ඇති බවයි අප ප්‍රාදේශිය වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වැල්වෙට්ටිතුරෙයි පොලීසිය විසින් සිදු කරනු ලබනවා.
බැලුනය යවන ලද අවස්ථාවේ දී කෝවිල තුළ දෙදහසක් පමණ බැතිමතුන් සිට ඇති අතර ඔවුන් බැලුනය කඩා වැටෙනු දැකීමෙන් පසුව එම ප්‍රදේශයට ගොස් ඇතත් ඒ වන විට බැලූනය කඩා වැටුණු නිවසේ වහලයට ගිනි ඇවිලී නිවසද ගිනි ගෙන තිබුණු බවයි කෝවිලේ බාරකරුවන් පොලීසියට ප්‍රකාශ ඇත්තේ.
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්රස්ත ප්රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්ය…
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…