කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පිළිබඳව අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර තිබෙනවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථයේ තිබී සොයාගත් ආගන්තුක රුධිර සාම්පලය කාගේදැයි නිශ්චිතව අනාවරණ කරගැනීම සඳහා ඔහු රෝහල්ගත කළ දින ජාතික රෝහල් සේවය කළ කාර්ය මණ්ඩල සේවකයන් කිහිප දෙනකු ඇතුළු 10 දෙනෙකුගේ රුධිර සාම්පල ලබාගැනීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට දැනුම් දුන්නා.
එම දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පෙර සතියේ ලබාගත් අධිකරණ නියෝග අනුව පොලිස් නිලධාරීන් ඇතුළු 21 දෙනෙකුගෙන් ලබාගත් රැධිර සාම්පල පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවයි.
ඒ අනුව මෙම නඩුව ලබන 24 වනදා යළි කැඳවන බව සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…