අධ්‍යාපනික

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂාව පිලිබඳ සුභ ආරංචියක් !

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මෙම සතියේ දී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

ඒ අනුව එක් එක් විෂයන් හි පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා අවශ්‍ය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කාර්යය සඳහා අවශ්‍ය වන විශ්ව විද්‍යාල ගුරුවරුන් විභාග දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය හරහා අදාළ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව එම සම්මේලනය පවසනවා.

මේ අනුව මෙම සතියේ දී උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සාමාන්‍යකරණයට පත්වෙනු ඇති.

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පසුගිය මාර්තු 9වන දා සිට වැඩ වර්ජනයක නිරත වු අතර මේ හේතුවෙන් පෙබරවාරී 22වන දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට බාධා පැමිණියා.

කෙසේ වෙතත් ඔවුන්ගේ ක්‍රියා කලාපයට දෙමාපියන්ගෙන් සහ පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්ගේ ද දැඩි විරෝධයක් පළවුණා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago