කොළොන්නාව නගර සභා බලප්‍රදේශය ඇතුළු කොළඹ ප්‍රදේශ රැසකට අද (08) දිනයේ පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා කොළොන්නාව නගරසභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, අතුල්කොට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා වු ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගයන් හි ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවේය.
ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් සිදුකරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බැවින් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව සඳහන්ය.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් අවශ්‍ය පරිදි ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අදාළ ප්‍රදේශයන් හි මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…