තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10කින්, සීනි කිලෝවක් රුපියල් 25කින් ඉහළ යයි !

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10කින් සහ සීනි කිලෝවක මිල රුපියල් 25කින් යළි ඉහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ලෝක වෙළෙඳපලේ සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 500 සිට 750 දක්වා ඉහළ යෑම නිසා මෙම මිල වැඩිවීම සිදුවන බව එම සංගමය ප්‍රකාශ කරයි.

තිරිඟු පිටි සඳහා පනවා තිබූ ආනයන බදු සහනය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ නිසා පිටිවල මිල වැඩිවීම සිදුවී ඇත.

2020 ජනවාරි මාසයේදී පිටි කිලෝවක රේගු ආනයන බද්ද කිලෝවක් රුපියල් 15-16 සිට රුපියල් 3 දක්වා අඩු කර තිබිණි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් රේගු ආඥාපනතේ 19A වගන්තියට අනුව තිරිඟු පිටි සඳහා පනවා තිබූ ආනයන බදු සහනය ඉවත් කිරීමේ තීරණය පිළිබඳ රේගු දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago