ශ්‍රී ලංකා

කුරුණෑගල හිටපු නගරාධිපති චෝදනා 11කට වරදකරු වෙයි – ධුරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක් !

කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා වන තුෂාර සංජීව විතාරණ මහතාගේ පාලන කාලයේදී සිදු වූ වැරදි සම්බන්ධයෙන් චෝදනා 11කට වැරදිකරු වී තිබෙනවා.

වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතාගේ නියමයෙන් පත් කරන ලද ඒක පුද්ගල පරීක්ෂණ කොමිසම නිකුත් කර ඇති වාර්තාවට අනුව ඔහුට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18 කින් චෝදනා 11 කටම වැරැදිකරු බවට තීන්දු කර තිබෙන්නේ.

වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයෙ (08) නිකුත් කරමින් සඳහන් කළේ එම කොමිසම විසින් ලබාදී ඇති නිගමනවලට අනුව තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරයෙන් හා සභික ධූරයෙන් පහ කළ අයකු වශයෙන් සැලකිය යුතු බවයි.

මහ නගර සභා ආඥා පනත යටතේ 2020 වසරේ අයවැය සම්පාදන හා බලාත්මක කිරීමේ නියෝගවල විධිවිධාන ක්‍රියාත්මක වීම හේතුකොටගෙන තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූවාසේ සලකන බවද එම ගැසට් නිවේදනයේ සඳහන්.

වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරුන් වන පේෂල ජයරත්න සහ ඒ.ජේ.එම්.මුසම්මිල් යන මහත්වරුන් මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago