කළුතර – නාගොඩ ප්‍රදේශයේ හෝටලයකට ගොස් සිටිය දී අභිරහස් ලෙස පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී තිබෙනවා.
ඔහු මේ වන විට දකුණු කළුතර පොලිස් ස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන අතර අද (09) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට ද නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
දකුණු කළුතර පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරු ගාල්ල ප්‍රදේශයේ රැදී සිටින බවට වූ අනාවරණයත් සමඟ අද (09) අලුයම වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී ගාල්ල – හික්කඩුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක ඔහු රැදී සිටිය දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
29 හැවිරිදි මෙම සැකකරු කලුතර ඉසුරු උයන ප්‍රදේශයේ පදිංචි අයෙක්.
ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන ඔහු රැඳී සිට ඇති අතර ස්ථීර පදිංචිය වී ඇත්තේ පානදුර ප්‍රදේශයයි.
මෙම සැකකරු මීට පෙර අවස්ථා දෙකක දී විවාහ වී ඇති අතර පළමු විවාහය සිදුකර ඇත්තේ අහංගම ප්‍රදේශයේ පදිංචි කාන්තවක් සමඟයි.
පසුව කළුතර ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.
පොලිසිය දැනට සිදුකරන ලද අනාවරණවලින් හෙළිව ඇත්තේ තවත් කාන්තාවන් කිහිපදෙනෙකු සමඟ මොහු සබඳතා පවත්වා ඇති බවටයි.
එමෙන්ම ඔහුට එරෙහිව මුදල් වංචා සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවී තිබෙනවා.
මේ අතර සිද්ධියෙන් මියගිය 16 හැවිරිදි දැරියගේ අවසන් කටයුතු අද (09) පස්වරුවේ කළුතර – ඇටවිල ප්‍රදේශයේ දී සිදුකිරීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…