අනතුරු

හිටපු ඇමැති පුතෙක් අත්අඩංගුවට !

බම්බලපිටිය මුහුදු බඩ මාර්ගයේ නතර කර තිබූ මෝටර් රථ දෙකක හප්පාගෙන පලා ගිය ජීප් රථය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය කළ විමර්ශනයේදී හිටපු ඇමැතිවරයෙක්ගේ පුතකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු සුළු තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. සැකකරු වයස අවුරුදු 18ක පුද්ගලයෙක්.

ඉකුත් 5 වැනිදා අලුයම 3.30ට පමණ සුඛෝපභෝගී ජීප් රියකින් අධික වේගයෙන් පැමිණි සැකකරු වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙස නතර කර තිබූ මෝටර් රථ දෙකක ගැටී තිබෙනවා.

එය ඒ අසල තිබූ සීසීටීවී කැමරාවකද පටිගත වී තිබෙනවා.

මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා කපා තිබූ කානුවකින් බේරීම සඳහා රථය දකුණු පසට ගැනීමේදී ලිස්සා ගොස් දකුණු පස තිබූ මෝටර් රථ දෙකේත් විදුලි කණුවේත් ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසියට ලැබුණු තොරතුරුවල සඳහන් වෙනවා.

නවතා තිබූ මෝටර් රථ දෙකේද අනතුර වන අවස්ථාවේ කිසිවකු සිට නැතැයිද පොලිසිය කියයි.

අනතුරට ලක්වූ ජීප් රිය තුළ අමාත්‍යවරයාගේ පුතා ඇතුළු තිදෙනකු සිට තිබෙනවා.

අත්අඩංගුවට ගත් අමාත්‍යවරයාගේ පුත්‍රයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

බම්බලපිටිය පොලිසියේ රථවාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago