කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට සහ වෛද්‍යවරියකට ප්‍රහාරයක් එල්ලකර “තොපි කපනවා” තර්ජනය කර තමන්ට නඩු 16ක් තිබෙනවා යැයි වහසිබස් දොඩා රෝහල් වාට්ටුවෙන් පලාගිය මැරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසනවා.
ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා සති 28ත පමණ ගැබක් සහිත තරුණ මව කුරුණෑගල ශික්ෂණ රෝහලේ 72 වාට්ටුවේ නේවාසිකව සිටියදී ඉතා කඩිනමින් දරුවා බිහිකරදෙන ලෙස වාට්ටු භාර වෛද්‍යවරයාට බලපෑම් කර ඔහු සමඟ බහින්බස් වී වෛද්‍යවරයාගේ බෙල්ලෙන් අල්ලා පහරදී තවත් වෛද්‍යවරියක් තල්ලුකර පලා ගිය මැරයා මෙතෙක් පොලිස් අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති බව රෝහලේ වෛද්‍යවරු පවසනවා.
පසුගිය 8 දින සවස 5.30ට පමණ මෙම ගැටුම කුරුණෑගල ශික්ෂණ රෝහලේ (72) ගැබිනියන් නේවාසිකව සිටින වාට්ටුවේ සිදුවී තිබෙනවා.
දරු ප්‍රසූතිය සඳහා සුදුසුකම් සපුරා නැති බැවින් අස්වාභාවිකට දරු ප්‍රසූතිය සිදුකළොත් දරුවාට හානියක් සිදුවිය හැකි බව වෛද්‍යවරුන් පැවැසුවත් ගැබිනියගේ ස්වාමියා යැයි කියාගන්නා අය කියා ඇත්තේ තමන්ට දරුවාගෙන් වැඩක් නෑ. ඉක්මනින් දරු ප්‍රසූතිය කරදෙන ලෙස වාට්ටු භාර වෛද්‍යවරයාට තර්ජනය කර යකා නැටූ මොහු දරුවන් දෙදෙනකුගේ පියකු බවත් බිරිය විදේශගතව සිටින බවත් වෛද්‍යවරු පැවැසූවා.
තමන්ට නඩු 16ක් තිබෙන බවත් වෛද්‍යවරු කපනවා යැයි තර්ජනය කර රෝහලින් පලාගොස් සැඟවී සිටින මොහු මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ගැබ්ගෙන සිටින තරුණිය දඹුල්ල මාර්ගයේ කිරිවවුල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් වාර්තා වෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…