ශ්‍රී ලංකා

දුම්රිය මගීන්ට හදිසි දැනුම්දීමක් !

දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වර්ජනය හේතුවෙන් අද දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් අවලංගු කර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, අද (10) මාධ්‍යම රාත්‍රිය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක බවය.

ස්ථානාධිපති වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේනතුව පවසයි.

ඒ අනුව නානුඔය සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය අද ධාවනය නොවේ.

ගනේවත්ත සිට කොළඹ කොටුව සහ පානදුර දක්වා පෙ.ව 3.55ට ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය අද ධාවනය නොවේ.

අනෙකුත් දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව දුම්රිය ද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එමෙන්ම පෙ.ව 3.40ට අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා පැමිණ හලාවත දක්වා ධාවනය වන දුම්රිය අද දිනයේ මීගමුව දක්වා පමණක් ධාවනය කෙරේ.

පෙ.ව 4ට කොළඹ කොටුව සිට නූර්නගර් දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය හලාවත දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ.

එමෙන්ම නූර්නගර් සිට කොටුව දක්වා ධාවනය වීමට තිබූ මන්දගාමී දුම්රිය අද දිනයේ හලාවත දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹයි.

පෙ.ව 7ට කොටුව සිට මීගමුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද ධාවනය නොවේ.

ඒ හේතුවෙන් පෙ.ව 9ට මීගමුවේ සිට කොටුව දක්වා ධාවනය වන දුම්රිය ද අවලංගු කර තිබේ.

පෙ.ව 4.30ට පුත්තලම සිට ගල්කිස්ස දක්වා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රිය අද ධාවනය නොවේ.

මේ අතර ප.ව 6.15ට හලාවත සිට කොළඹ දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද කොටුව දක්වා ඇති සියලුම දුම්රිය ස්ථානවල නවත්වා ධාවනය කිරීමට නියමිතය.

මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පෙ.ව 4.20ට හලාවත සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව 6.57ට මොරටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද පානදුර දුම්රිය ස්ථානය දක්වා ධාවනය වේ.

එම දුම්රිය සුපුරුදු නැවතුම් ස්ථානවලට අමතරව දෙහිවල දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය වේ.

එය මරදානෙන් පෙ.ව 7.05ට පිටත් වේ.

මේ අතර පෙ.ව 5.50ට අලුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය විනාඩි 34ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ පෙ.ව 6.30ට වග සිට කොටුව දක්වා ධාවනය වන දුම්රිය විනාඩි 31ක් ප්‍රමාද වී ධාවනය වේ.

මේ අතර පෙ.ව 6.30ට අවිස්සාවේල්ල සිට කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago