ශ්‍රී ලංකා

මන්නාරම පාසල් ළමුන් පිරිසක් පැහැරගැනීමේ උත්සහයක් – දරුවන්ට විශේෂ ආරක්ෂාවක් !

මන්නාරම දිස්ත්‍රීක්කයේ පාසල් ළමුන් කිසියම් පිරිසක් විසින් පැහැරගැනීමේ උත්සහයක් ඇති බවට තොරතුරු ලැබීමත් සමග ආරක්ෂක අංශ විසින් පාසල් ඉදිරිපිටට සහ මංමාවත් වෙතට මේ දිනවල විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

පසුගියදා වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් පාසල් ළමුන් දෙදෙනෙකුට කිසියම් ආහාර වර්ගයක් ලබාදී එම ළමුන් දෙදෙනා පැහැරගැනීමට උත්සහ දරා ඇතැත් ළමුන් දෙදෙනො එම පිරිසෙන් බේරී කෑගැසීමත් සමග ප්‍රදේශවාසීන්ට බිය වී අදාල වෑන් රථය පලා ගොස් තිබුණා.

මේ පිළිබඳව අදාල පාසල් ළමුන්ගේ දෙමාපියන් විසින් මන්නාරම පොලීසියට හා පාසල වෙතට දැනුම් දීමෙන් පසුව මන්නාරම් දිසාපති කාර්යාලය, පාසල් විදුහල්පතිවරුන් මන්නාරම පොලීසිය, යුදහමුදාව හා සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව සාකච්ඡාවක්ද සිදුකොට පාසල් ළමුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමේ වැඩසටහනක් දියත් කොට තිබෙනවා.

මේ අනුව මන්නාරම් නගරයේ පිහිටි පාසල් ඉදිරිපිට මෙන්ම මාවත් වෙතටත් ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා යුදහමුදාව යොදවා ඇති අතරම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එක්ව ළමුන් දැනුවත් කොට ඇත්තේ පයින් යන්නේ නම් තනිවම පාරේ ගමන් නොකරන ලෙසටත් කණ්ඩායම් වශයෙන් ගමන් කරන ලෙසටත්ය.

එමෙන්ම නිවසින් පාසල වෙතට පැමිණෙන විටද බොහෝ සෙයින් තවත් පිරිසක් සමග පැමිණීමට පියවර ගන්නා ලෙසටද එසෙත් නැතිනම් නිවසේ වැඩිහිටියෙකු සමග පාසලට පැමිණෙන ලෙසටය.

කෙසේ වෙතත් පාසල් ළමුන් පැහැරගැනීමට උත්සහ ගත් පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලිවී නොමැති අතර අදාල සිදුවීම් සම්බන්ධයෙන් පුලුල් පරික්ෂණයන් යුදහමුදාව සහ පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago