මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවක් ඇය ඉගනුම ලබන පන්තිය පවත්වාගෙන යන විදුහලේ පළමු මහලේ ගොඩනැගිල්ලකින් පහළට පැනීම නිසා තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
අද (09) පෙරවරු 11.30 ට පමණ පාසැල් පංති කමරයෙන් පිටතට පැමිණ මෙසේ බිමට පැන ඇත්තේ පාසලේ 10 වසරේ ඉගනුම ලබන 15 හැවිරිදි සිසුවියකි.
එම සිසුවිය කටුගස්තොට කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.
අදාළ සිසුවිය මහනුවර ජාතික රෝහලේ දී සී.ටී ස්කෑන් පරීක්ෂාවකට ලක්කර තිබේ.
අඩි 15 පමණ උසක සිට පහළට ඇද වැටීම නිසා සිසුවියගේ හිසට හෝ අභ්‍යන්තර අවයව වලට හානි සිදුව ඇත්ද යන්න සෙවීම සඳහා අදාළ සි.ටී ස්කෑන් පරීක්ෂාව සිදු කළ බවත් එහි වාර්තාව ලැබුණු පසු ඉදිරි ප්‍රතිකාර ආරම්භ කරන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහනුවර ජාතික රෝහලේ ආරංචි මාර්ග පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…