ශ්‍රී ලංකා

හරක්කටා සහ කුඩු සළිඳු සමග ගනුදෙනු කළ ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ගැන තොරතුරු එළියට !

හරක්කටා සහ කුඩු සළිඳුගෙන් මේ වනවිට කරගෙන යන දීර්ඝ ප්‍රශ්නකිරීම්වලදී ඔවුන්ගේ අපරාධ ජාලය සමග සමීපව කටයුතු කළ දූෂිත පොලිස් නිලධාරීන් කිිහිපදෙනෙකු පිළිබඳ අනාවරණය වී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.
විශේෂත්වය වන්නේ මෙම පාතාලයින් සමග ගනුදෙනු කරමින් මුදල් ඉපැයූ නිලධාරීන් අතර පොලිසියේ ඉහළම නිලධාරීන් ද සිටින බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීමය.

කෙසේ වෙත්ත මෙතෙක් එම පොලිස් නිලධාරීන් සම්බන්ධව සටහන් තැබීම සිදුකර නැති බවත්, ඉදිරියේ දී හෙලි කරගැනීමට නියමිත තවත් තොරුතුරු මගින් නිශ්චිතව තහවුරු කරගැනීමෙන් අනතුරුව එම සටහන් තැබීම සිදුකරනු ඇති බවත් විමර්ශන අංශ කියයි.

කුඩු සළිඳු සම්බන්ධ වූ පානදුරේ වෙඩි තැබීමේ සිද්ධියකින් පසු සලිඳුට සහ ඔහුගේ ගෝලයින්ට රටන් පිටවීමට අවස්ථාව සලසා දී මිලියන ගණනින් මුදල් ලබාගත් ඉහළ පොලිස් නිලධාරියෙක් පිළිබඳව ද විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළි දරව් වෙමින් ඇතැයි ද පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙතෙක් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී කඩු සළිඳුගේ ගෝලයෙක් සහ ගිනි අවි දෙකක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අංශවලට හැකි වී තිබේ.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ වමර්ශන කොට්ඨාසය විසින් හරක්කටාගෙන් කළ ප්‍රශ්නකිරීම්වල දී වර්ෂ 2022 දී ජුනි මාසයේ අහංගම දී කළ පුද්ගල ඝාතනයක් සඳහා යොදා ගත් ගිනි අවිය උඩුගම බස් නැවතුම්පල ආසන්නයේ ගසක් යට වළ දමා තිබී සොයා ගෙන ඇත.

Ceylon News Factory

Share
Published by
Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago