ඩෙංගු අධි අවදානම් සහිත ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු මර්ධන වැඩසටහන් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇතත් කිසිම නව වැඩසටහනක් ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු හෙළිදරවු කරති.
කිසිම වැඩපිළිවෙළක්, සම්බන්ධීකරණයක් හෝ ප්‍රතිපාදනයක් වෙන් වී නැති බව පෙන්වා දෙන ඔවුන් පවසන්නේ ඊයේ දිසාපතිවරයාගේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ඇතුළු සෞඛය බලධාරීන් සහිතව පැවති රැස්වීමේ දී ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ගෙන් සැලසුමක් ඉල්ලූ බවය.
ඉදිරිපත් කරන සැලසුමට උදව් කිරීමට හැකි බව එම බලධාරීන් දන්වා ඇත.
“ හැම තැනම රැස්වීම් තියනවා අපේ දත්ත අරන් ගිහින් ප්‍රසන්ටේෂන් තියනවා. යෝජනා කරනවා. ඒත් ඒ යෝජනා කිසිම දෙයක් මේ වනවතුරු බිම් මට්ටමේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. වෙන එකම දේ අපි වෙනදා ගිහින් කරන විදිහට ඩෙංගු කීටයන් බෝවන ස්ථාන සම්බන්ධව ගෙවතු හා නිවාස පරීක්ෂාව විතරයි.”
“ සමහර තැන් තියනාව ධූමායනය කරන්න අවශ්‍ය… ඒ සඳහාවත් මෙතෙක් ප්‍රතිපාදන නෑ. ඕක තමයි ගම්පහ ඩෙංගු මර්ධනය ගැන කියන කතාවල ඇත්ත තත්ත්වය. “
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…