ඔබේසේකරපුර කොලොන්නාව දෙසට යන මාර්ගයේ කාන්තාවක විසින් දරුවෙකු සිඟමනේ යොදවා ඇති බවට ලද ආරංචියකට අනුව වැලිකඩ පොලීසිය පසුගිය 9 වනදා එහි සෝදිසියක් සිදු කළේය.
එහිදී සිඟමනේ යෙදෙමින් සිටි 11 හැවිරිදි දරුවෙක් පොලිස් භාරයට ගනු ලැබීය.
දරුවාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ අඹේපුස්ස ප්‍රදේශයේ ළමා නිවාසයක රැදී සිටියදී නිලූකා ප්‍රියදර්ශනී නමැති කාන්තාවක් මෙම දරුවා එතැනින් රැගෙන විත් ඇයගේ පුත්‍රයා සමග සිඟමනේ යොදවා ඇති බවය.
එසේම මෙම දරුවාට හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට දී මෙසේ සිඟමනේ රැගෙන යන බවද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
දරුවාගේ කටේ, දෙතොල්වල, වම් කකුලේ දණහිසට ඉහළින් සහ කකුල් දෙකේ මහපට ඇඟිලිවල පිළිස්සුම් තුවාල ඇති ආකාරය ද පොලීසියට නිරීක්ෂණය වී තිබේ.
ඒ අනුව ප්‍රතිකාර ලබාදීමෙන් පසුව දරුවාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතය.
මෙම දරුවා පැහැර ගැනීමට කටයුතු කළ සහ දරුවාට මත්ද්‍රව්‍ය පානය කිරීමට දී සිඟමනේ යෙදවූ බව කියන පෑලියගොඩ නුගේ පාරේ පදිංචි නිලූකා ප්‍රියදර්ශනී නමැති කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…