දින 5ක් ඇතුළත බලංගොඩ, සමනල වත්ත ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසනවා.
සමනල වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකු ඉකුත් 8 වැනි දින අතුරුදන්ව ඇති අතර ඉකුත් 3 වැනි දින ද තවත් පුද්ගලයකු අතුරුදන් වූ බව පොලීසිය පොලීසිය සඳහන් කරනවා.
මේ අතර ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම පුද්ගලයන් දෙදෙනා ම අතුරුදන් වී ඇති ආකාරය අද්භූතජනක බවයි.
අතුරුදන්ව සිටින පුද්ගලයා තුෂාර සම්පත් නැමැති විවාහක පුද්ගලයෙක් වන අතර ඔහු ඉකුත් 8 වැනි දින උදේ තේ බීමෙන් පසුව තම තේ වත්තේ වැඩට යන බව පවසා නිවසින් පිටව ගිය අතර තවමත් නොපැමිණි බවද ඔහුගේ බිරිඳ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්.
ඔහු දවල් 11 පමණ වන විටත් නිවසට නොපැමිණි නිසා බිරිඳ තේ වත්තට ගොස් බලා ඇති අතර අතුරුදන් වූ පුද්ගලයා පැළඳ සිටි සෙරෙප්පු දෙකෙන් එකක් හා තේ දලු නෙළා ගැනීමට යොදා ගත් පොහොර උරයක් ද එහිදී හමු වී තිබෙනවා.
එම පැමිණිල්ලට අනුව පොලීසියේ පෙරේදා (09) දවස පුරා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද අතුරුදන් පුද්ගලයා පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබුණු බව පොලිසිය සඳහන් කළා.
ඉකුත් (03) දින සිට සමනළ වත්ත ප්‍රදේශයේ පදිංචි (45) හැවිරිදි පුද්ගලයකු ද අතුරුදහන් වී අදට (11) දිනට දින නවයක්.
ඔහුට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව නිවසින් පිටව ගිය බව ඥාතීන් විසින් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
මීට වසර පහකට පමණ පෙර පාසල් දරුවකු වු (09) හැවිරිදි සහන් කුමාර ධර්මසිරි නැමති අයකු ද අතුරුදහන් වු අතර ඔහු පිළිබඳව ද මෙතෙක් කිසිදු තොරතුරක් නොලැබුණු බව පොලීසිය කියයි.
සමනළ වත්ත ප්‍රදේශයේ නිතර දිවියන් ගැවසෙන බව ප්‍රදේශීවාසිහු ප්‍රකාශ කරනවා.
නිවෙස් වල ඇති කරන සුනඛයින්, බලලුන් එලුවන් ,කුඩා ගව පැටවුන් නිතර අතුරුදහන් වන බව ප්‍රදේශීවාසිහු වැඩි දුරටත් පෙන්වා දෙනවා.
අතුරුදහන් වු පුද්ගලයින් පිලිබඳව සොයා බැලීම සඳහා විශේෂ සෝදිසියක් ඊයේ (10) දවස පුරා පවත්වා තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…