ශ්‍රී ලංකා

පාසැලේ දරුවන්ගේ කොන්ඩය නොමිලේ කපන ඩිල්ෂාන් !

වත්මන් කාලයේ අපේ රටේ ජීවත් වන ජනතාව ජාති ආගම් බේදයකින් තොරව ජීවන අරගලයේ යෙදෙන බව කිසිදු නොරහසකි. අත්‍යාවශ්‍ය ආහාර , සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක්ම නොව විවිධ සේවාවන්හී මිල ගණන්ද අහස උසට නැග ඇත්තේ ඇතැම් පවුල්වල අයට කළ යුත්තේ කිසිවක් දැයි සිතා ගැනීමටවත් ඉඩ නොතබමිනි.

මෙවන් වටපිටාවක් තුල සිය දැනුමත්, තමන් සපයන සේවාවත් අන්‍යයන් වෙනුවෙන් නොමිලේ ලබා දෙන අපූරු තරුණයෙකු අරුණ අපට හමුවන්නේ පිළියන්දල සිද්දමුල්ල ප්‍රදේශයෙනි. වෘත්තීයයෙන් රූපලාවණ්‍යය ශිල්පියෙක් වන ඔහු නමින් ඩිල්ෂාන් විමුක්ති නම් වේ. 26 වන වියේ පසුවන ඔහු ප්‍රදේශයේ කාඅතරත් ප්‍රසිද්ධියක් උසුලන්නේ “විමූ” නමිනි.

ඔහු පිළිබඳව අප මෙසේ සටහන් තබනුයේ රටේ ජනතාව ආර්ථික අපහසුතාවයන් හමුවේ පීඩාවට පත්ව සිටින මෙවන් මොහොතක ඔහු විසින් සිදුකරනු ලබන විශේෂ කර්තව්‍යයක් නිසාවෙනි.

සිද්දමුල්ල ප්‍රදේශයේම “විමූ සැලූන්” නමින් කොණ්ඩා කපන ස්ථානයක් පවත්වාගෙන යන ඩිල්ෂාන් විසින් සෑම මසකම එක් දිනක් ප්‍රදේශයේ පාසැලකදී එම පාසැලේ දරුවන් වෙනුවෙන් නොමිලේ කොණ්ඩය කපා දීම සිදු කරන්නේය. ඔහු විසින් මෙම සේවාව මාස කිහිපයක සිටම සිදු කරනු ලබන අතර ඕනෑම වයස් කාණ්‍ඩයක පාසැල් දරුවන් මෙන්ම ඕනෑම දරුවන් ගණනක් වෙනුවෙන් දිනකදී මෙම සේවාව ලබා දෙනු ලබන්නේ සිය ආයතනයේ සේවය කරන අනෙක් අයගේද සහභාගිත්වයෙනි.

මෙවන් සේවාවක් සැපයීම පිළිබඳව ඩිල්ෂාන් මෙසේ පැවසීය. “අපි හැමෝටම අමාරු කාලයක් මේක. මේ වෙලාවේ තමයි අපි හැමෝම එකට ඉන්න අවශ්‍ය මොහොත. ඒ නිසා මම මේ සේවාව අවශ්‍ය අයට නොමිලේ ලබාදෙනවා. මේක මගේ රැකියාව. පසුගිය කොවිඩ් වසංගතයෙන් පසු කාලයේ ඉඳලාම මම මේක කරනවා. පාසැලකට ගිහින් මෙය කරන්න පටන් ගෙන දැන් මාස හතරක් පමණ වෙනවා. අපි ඒ පාසැලේ විදුහල්පතිතුමාට දිනයක් කලින් කියනවා. එදාට ඔහු කොණ්ඩේ කපන්න අවශ්‍ය දරුවන්ව අපිට යොමු කරනවා. ඒ දරුවන්ට එයාලා ඉගෙන ගන්න පාසැලේදීම කොණ්ඩය කපා ගන්න අවස්ථාව ලැබෙනවා. මේ කිසිවක් බලෙන් කරන දේවල් නෙවෙයි. දෙමාපියන්ගේ කැමැත්තෙන් ඔවුන්ගේ දරුවන් අපි වෙත යොමු කරන්නේ. සාමාන්‍යයෙන් අද දරුවෙකුගේ කොණ්ඩය කපන්න රුපියල් 350/= සිට මිල ගණන් අය කෙරෙනවා. සාමාන්‍ය පවුලක දරුවන් දෙදෙනෙක් ඉන්නවා නම් ගෙදර අනෙක් වියදම්ද එක්ක ඒ දරුවන් ගේ කටයුතු සිදු කරන්නත් දෙමාපියන්ට සෑහෙන මහන්සියක් දරන්න වෙනවා. ඒ වෙනුවෙන් මට කරන්න පුලුවන් යම් උපකාරයක් සිදු කිරීම තමයි මේ කරන්නේ. අපේ ව්‍යාපාර , මිල මුදල් මේ සේරම තාවකාලික දේවල්. ජිවත්ව ඉන්න මේකාලෙදී අපි ඒ දේ තේරුම් අරගෙන අනෙක් අයට අපිට පුළුවන් විදිහට උදවු කරන්න ඕනේ.”

එපමණක්ද නොව ඩිල්ෂාන් විසින් තවත් සේවාවක් මේ වන සිදු කරයි. එනම් මෙම ක්ෂේත්‍රය සඳහා යොමු වීමට කැමති ප්‍රදේශයේ පාසැල් අධ්‍යාපනය අවසන් කල තරුණයන්ට කොණ්ඩය කැපීම නොමිලේ පුහුණු කිරීමය. ඔහු ඉල්ලා සිටිනුයේ පාසැල් අධ්‍යාපනය අවසන් කල තරුණයින් නිකරුනේ කාලය කාදැමීමෙන් නොසිට යම් කිසි ජීවනෝපාය මාර්ගයක් සලසා ගැනීමට යොමුවන ලෙසය. ඒ වෙනුවෙන් සිය දැනුම ඕනෑම මොහොතක නොමිලේ ලබාදීමට ඔහු සූදානම් බවද ඔහු පැවසීය.

Ceylon News Factory

Recent Posts

අදානි සමාගමට වෙන්කළ ඉඩම් වලට නැවත ටෙන්ඩර් කැඳවීමට පියවර!

ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන්කළ ඉඩම් නැවත ටෙන්ඩර් කැඳවා…

24 hours ago

නව පොලිස්පති ජනපති හමුවෙයි!

නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුව…

1 day ago

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු පිලිබඳ දැනුම්දීමක්!

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු එළැඹෙන 17 වනදා සිදුකිරීමට නියමිතව ඇත. පවුලේ…

1 day ago

වෛරසයක් හේතුවෙන් හාවන්ගෙන් ‘අං’ මතුවෙයි!

කොලරාඩෝවේ හි ජීවත් වන හාවුන් වර්ගයක් 'අං' මෙන් වැඩෙන වෛරසයකින් පීඩා විඳින පුවතක් විදෙස් මාධ්‍ය…

1 day ago

ජාතිය අමතමින් අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්තානයට අනතුරු අඟවයි!

ඉන්දියාවේ 79 වන නිදහස් දිනයේදී, රතු කොටුවේ සිට ජාතිය අමතමින් අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පාකිස්තානයට…

1 day ago

කංසා වගා කිරීමට එරෙහිව අස්ගිරි පාර්ශවයෙන් විරෝධයක්!

මත්ද්‍රව්‍ය උවදුර දැනටමත් මෙරට බරපතළ ගැටළුවක් බවට පත්ව ඇති අවස්ථාවක, වාණිජමය වශයෙන් කංසා වගා කිරීමට…

1 day ago