උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ නානුඔය අතර දුම්රිය ගමනාගමනය මේ වන විටත් යථා තත්ත්වයට පත්ව නොමැති බව වාර්තා වනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දුම්රිය මාර්ගයේ ග්‍රේට් වෙස්ටන් සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර දී දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ඊයේ (12) පස්වරුවේ සිට එහි දුම්රිය ගමනාගමනයට බධා එල්ල වූ බවයි.
පීලි පැනීමට ලක්වූ දුම්රිය මේ වන විටත් පීලිගත කර නොමැති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් කොළඹ සිට ගමන් ගන්නා දුම්රිය හැටන් දක්වාත් බදුල්ල සිට ගමන් ගන්නා දුම්රිය නානුඔය දක්වාත් සීමාකර තිබෙනවා.
එම දුම්රිය ස්ථාන අතර මඟින් බස් රථ මාර්ගයෙන් ප්‍රවාහන කටයුතු සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…