අද (13) උදෑසන වව්නියාවේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ පුද්ගලයෙකු විසින් එක්දරු මවකට වෙඩිතබා ඝාතනය කර පසුව ඔහුද වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇති බවය.
වව්නියාව, පරයනාලන්කුලම්, නිලියාමොටෙයි ප්‍රදේශයේ නිවසක් තුළදී අද (13) අලුයම කාන්තාව වෙඩිතබා ඝාතනය කර තිබුණි.
මෙලෙස වෙඩිතබා ඝාතනය කර ඇත්තේ 26 හැවිරිදි එක්දරු මවකි.
පසවු සැකකරුද අද උදෑසන නිලියාමොටෙයි කොවිල අසලදී වෙඩිතබාගෙන මියගොස් ඇති බව පොලීසිය සැකපළ කරයි.
සැකකරු 24 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.
මෙම කාන්තාව විවාහවී සිය සැමියා සහ දරුවා සමග නිලියාමොටෙයි ප්‍රදේශයේ පදිංචිවී ඇත.
ඇය විවාහාවීමට පෙර අදාළ සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බව පොලීසියට අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…