ක්‍රිකට්

ඩැරන් සැමීට අලුත් තනතුරක් !

හිටපු දක්ෂ තුන්ඉරියව් ක්‍රීඩකු මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකු වූ , ඩැරන් සැමී බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල වාර්තා අනුව එළැඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සිට ඩැරන් සැමී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

39 හැවිරිදි ඩැරන් සැමී 2010 වසරේදී පළමුවරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස පත් විය.

ඔහු එම වගකීම නිසි ලෙස ඉටු කළේ, 2012 සහ 2016 වසරවල පැවැති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ද්විත්වයම තම රටට ගෙන ඒමට නායකත්වය ලබා දෙමිනි.

ඔහු විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, මෙය ඔහුට අභියෝගයක් බවත් , නමුත් එයට ඔහු සුදානම් බවයි

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago