ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරගේ ක්‍රියා කලාපය හෙලා දකිමින් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකර තිබුණා.
පිටු 8 කින් යුත් එම ලිපියෙන්, මහලේකම් සහ පක්ෂ සංවිධායකවරයෙකු දයාසිරි ජයසේකර අතර පසුගියදා සිදු වූ දුරකථන සංවාදය පිළිබඳව ද සිහිපත් කර තිබීම විශේෂත්වයක්.
එම සංවාදයේදී මහලේකම්වරයා තමන්ව දෝෂ දර්ශනයට ලක් කිරීම අරුමයක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සිය ලිපියෙන් පෙන්වා දුන්නේ.
එසේම, අදාළ ලිපියේ පෙන්වා දී ඇති කරුණු පක්ෂයේ දේශපාලන මණ්ඩලයට සහ මධ්‍යම කාරක සභාවට යොමුකරන ලෙස ද ඔහු, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් වැඩිදුරටත් ඉල්ලීම් කර තිබුණා.
කෙසේ වෙතත් මෙම චෝදනාවලට පිළිතුරු දෙමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරගේ ද ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව නැගි සිටින සෑම අවස්ථාවකදීම පක්ෂය දුර්වල කිරීමට සහ පක්ෂය භේද බින්න කරවා පක්ෂය බිඳවැටීම තුළින් පක්ෂය සමග සතුරු ජාතික සහ විජාතික බලවේග ශක්තිමත් කර ඒ තුළින් තමන්ගේ පටු පුද්ගලික ලාභ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනිම සඳහා ඕනෑම අශ්ලීල, පහත් ක්‍රියාවක් සදහා පෙළඹවන දේශපාලන අනාථයකුගේ සිහින් කෙදිරිල්ලක් බවයි.
එමෙන්ම එම ලිපිය තේරුම් නොගැනීමට තරම් අප පක්ෂයේ ඉහලම තලය නියෝජනය කරන දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව සහ ඉහල නායකත්වය පක්ෂයේ සෙසු තලයන් නියෝජනය කරන පාක්ෂිකයන් අදබාලයන් සේ සලකා කටයුතු කිරීම හාස්‍යයජනක බවත් එහිදී ඔහු සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…