ගම්පොළ ප්‍රදේශයේ දී තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලීසිය පැවසුවේ 24 හැවිරිදි සැකකරු ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.
සැකකරු විසින් ලබාදුන් ප්‍රකාශයක් මත ඝාතනයට ලක්වු තරුණියගේ මළසිරුර ඊයේ (13) ගොඩගනු ලැබුවා. ඝාතනය කර වළ දමා තිබූ ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනවුවරා නැමැති 22 හැවිරිදි තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද (14) මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ශිවසුබ්‍රමණියම් මහතා විසින් සිදුකරනු ලැබූ අතර ගෙල සිරකිරීමෙන් එම මරණය සිදුව ඇති බවත් ඇය දූෂණයට ලක්ව නොමැති බවත් වෛද්‍ය වාර්තා වේ සඳහන් වී තිබෙනවා.
ඇගේ ගමේ ම පදිංචි 24 හැවිරිදි විවාහක එක්දරු පියකු විසින් තරුණියව ඝාතනය කර හොර රහසේ වළ දමා තිබූ බවයි නිවසේ සිට සේවා ස්ථානය වෙත යමින් සිටියදී මෙම තරුණිය දින 6ක් පුරා අතුරුදන්ව සිට ඇති අතර පසුව අනාවරණය වූයේ.
ඇය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මොහු ඇයට අයුතු යෝජනාවක් කර කැළයට ඇදගෙන යාමට උත්සාහ කළ බවයි ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ගම්පොළ පොලීසිය අනාවරණය කරගෙන තිබුණේ. තරුණිය එයට අකමැති වී ඒ බව පියාට පවසන බව පැවසීම හේතුවෙන් එම පුද්ගලයා ෆාතිමාගේ ගෙල මිරිකා ඇති බවත් එයින් ඇය බිම වැටුණු පසු ඇයගේ කුඩයෙන් බෙල්ලට ඇන ඇති බවත් හෙළි වී තිබෙනවා. තරුණිය ඝාතනය කර වළදැමූ බවට පාපොච්චාරණයක් ඝාතන සැකකරු විසින් සිදුකර තිබුණා. මියගිය තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) සිදුකෙරුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…